Tatsama Tadbhava (2023) Sinhala Subtitles | “සැබෑ මිනීමරුවා කවුරුන්ද?” | සිංහල උපසිරැසි සමඟ

Shadow Movies
0

  

(Tatsama Tadbhava (2023) Sinhala Subtitles) (Tatsama Tadbhava (2023) Sinhala Subtitle) (Tatsama Tadbhava (2023) Sinhala Sub) (Tatsama Tadbhava Sinhala Subtitles (Tatsama Tadbhava Sinhala Subtitle) (Tatsama Tadbhava Sinhala Sub) (Thathsama Thathbhava Sinhala Subtitle)

සුබ දවසක් හැමෝටම..

⁣ටික දවසකට පස්සේ ඔන්න මම පෞද්ගලිකව කැමති කන්නඩ සිනමාව පැත්තෙන් තවත් අලුත් චිත්‍රපටයකට සිංහල උපසිරැසි අරගෙන ආවා..චිත්‍රපටය නමින් Tatsama Tadbhava (2023)..මේක ⁣2023 සැප්තැම්බර් 15 වෙනිදා සිනමාශාලා වලට නිකුත් පහුගිය 20 වෙනිදා OTT වෙතට මුදා හැරුණු කන්නඩ චිත්‍රපටියක්..


මේකේ කතාව වගේම අධ්‍යක්ෂණයත් සිදු වෙලා තියෙන්නේ Vishal Atreya අතින්..හොඳම කාරණාව තමයි මේ Vishal Atreya ගේ පලවෙනි චිත්‍රපටය..එහෙමත් නැත්තන් Debut ෆිල්ම් එක..ඉතින් පළවෙනි චිත්‍රපටය විදියට Vishal මේ චිත්‍රපටියෙන් සාර්ථක ආරම්භයක් අරගෙන තියනවා ෆිල්ම් එක බැලුවම ඔයාලටම තේරුම් යාවි..😌 ඒ වගේම මේක Pannaga Bharana, Spurthi Anil සහ Chethan Nanjundaiah කියන තුන්දෙනාගේ නිෂ්පාදනයක් විදියට තමයි සිනමා තිරයට ඇවිත් තියෙන්නේ..




අපි දැන් කතාව පැත්තට ටිකක් හැරිලා බලමු..

මේ කතාව පටන් ගන්නේ තමන්ගේ මහත්තයා අතුරුදහන් කියාගෙන පැමිණිල්ලක් දාන්න පොලීසියට එන ආරිකා කියන කාන්තාවගෙන්..ඉතින් ආරිකාගේ මහත්තයා වුණ සංජයි තමයි මේ විදියට හිටි හැටියේ අතුරුදහන් වෙලා තියෙන්නේ..ආරිකාගේ මේ පැමිණිල්ල භාරගන්නේ අපේ කතා නායකයා වෙන ඉන්ස්පෙක්ටර් අරවින්ද්..මුලින් මේ ගැන කිසිම හෝඩුවාවක් හොයාගන්න කාටවත් අවස්ථාවක් ලැබෙන්නේ නෑ..මෙහෙම දවසක් දෙකක් යද්දි ආරිකාට තමන්ගේ ගෙදරින් අමුතු ගඳක් එනවා දැනෙවා..ඒ ගඳ දිගේ ගිහින් බැලුවම ආරිකා නවතින්නේ තමන්ගේ ගෙදර බෙස්මන්ට් එකෙන්..ඒ බේස්මන්ට් එකේ තිබ්බ එක පෙට්ටියක් ඇරලා බලපු ආරිකාට දකින්න ලැබෙන්නේ තමන්ගේ මහත්තයා වුණ සංජයිගේ නරක් වුණ මළ සිරුර..ඔන්න දැන් තමයි ප්‍රශ්න පත්තරයක්ම දි⁣ග ඇරෙන්න පටන් ගන්නේ..ඉතින් සංජයිව මැරුවේ කවුද? මොකක් නිසාද සංජයිව මැරුවේ ? වගේ ප්‍රශ්න ගොඩකට උත්තර හොයන්න ඉන්ස්පෙක්ටර් අරවින්ද් එක්ක මෙතන ඉදලා ඔයාලත් එකතු වෙන්න කියන ගමන් හැමෝටම මේ චිත්‍රපටය නරඹන්න ආරාධනා කරනවා..

මේක Crime / Thriller චිත්‍රපටයක් නිසා අවසානේ වෙනකන් අපිව එක එක පැත්තට යොමු කරලා අපේ හිත් වලට කුතුහලයක් ඇති කරන්න මේ චිත්‍රපටිය සමත්වෙලා තියනවා..ෆිල්ම් එකේ අවසානෙට අපිට තව ඉඟියකුත් දෙනවා..ඒකත් මොකද්ද කියලා ඔයාලම බලන්න..එහෙනම් තවත් ⁣උපසිරැසියකින් හමුවෙන බලාපොරොත්තුවෙන් අදට මම සමුගන්නවා..චිත්‍රපටය නරඹලා ඔයාලගේ අදහසුත් පහලින් කමෙන්ට් කරන්න..

හැමෝටම බුදු සරණයි..!!

Tatsama Tadbhava (2023) Sinhala Subtitles | “සැබෑ මිනීමරුවා කවුරුන්ද?” | සිංහල උපසිරැසි සමඟ



                  


Post a Comment

0Comments

Post a Comment (0)