Aadikeshava (2023) Sinhala Subtitles | “උරුමය වෙනුවෙන්” | සිංහල උපසිරැසි සමඟ

Shadow Movies
0

  

(Aadikeshava (2023) Sinhala Subtitles) (Aadikeshava (2023) Sinhala Subtitle) (Aadikeshava (2023) Sinhala Sub) (Aadikeshava Sinhala Subtitle) (Aadikeshava Sinhala Sub) (Aadikeshava 2023 Sinhala Subtitle)


සුභ දවසක් හැමෝටම ,


ඔන්න එහෙනම් සීතල උදුවප් මාසේ නත්තල් උත්සවයත් ළගටම ඇවිල්ලා තියෙද්දි අද මම අළුතිම OTT රිලීස් උනු තෙලිගු සිනමාපටයකට උපසිරැසි අරන් ආවා. ඒ තමයි “ආදිකේෂවා” ෆිල්ම් එක


ශ්‍රී කාන්ත්. එන්.රෙඩ්ඩි ගේ අධ්‍යක්ෂනයෙන් හැඩවුනු මේ ෆිල්ම් එක පහුගිය නොවැම්බර් 24 වෙනිදා තිරගතකිරීම් ඇරඹුවත් මේකට සතුටුදායි ප්‍රේක්ෂක ප්‍රතිචාර හම්බුනේ නම් නෑ. ශ්‍රී කාන්ත් මේ තෙලිගු සිනමා ක්ෂේත්‍රයට අළුත් කෙනෙක් වගේම ඔහු මේ ෆිල්ම් එක මාස් විදියට කරන්න ගිහින් තිබුනත් යම් තැනකදි අසාර්ථක වෙලා තියෙනවා


අනිත් පැත්තෙන් කාලයක් රැලි හදපු “උප්පෙනා” ෆිල්ම් එකෙන් අපේ හදවත් වලට සමීප උනු පන්ජා වෛෂ්නව් තේජ්ගේ කාලෙකට පස්සෙ ආපු මේ ෆිල්ම් එකත් ෆ්ලොප් වෙනවා. ඒවගේම තමයි ස්කන්ධ, භගවන්ත් කේසරී එකෙන් පස්සේ මේ අවුරුද්දෙ අපිට ශ්‍රීලීලාව දකින්න ලැබෙන තුන්වෙනි ෆිල්ම් එක තමයි මේක.. ඒ අතරම අපර්නා දාස්.. , ජෝජු ජෝජ්.. දෙන්නවත් මේ ෆිල්ම් එකෙන් අපිට බලාගන්න පුළුවන් වෙනවා වගේම එයාලා ෆිල්ම් එක වෙනුවෙන් උපරිම සාධාරණයක් ඉටු වෙනවා,



හරි එහෙනම් අපි කතාව පැත්තට හැරුණොත් ,


Panja Vaisshnav Tej – [බාලු] / [රුද්‍ර කාලේෂ්වර රෙඩ්ඩි]

Sreeleela – [චිත්‍රා]

Joju George – [චෙන්ගාරෙඩ්ඩි]

Aparna Das – [‍වජිරා දේවි]


රස්සාවක් නැතුව ගෙදරට වෙලා රස්තියාදු ගහ ගහ ඉන්න බාලුට.. අන්තිමේදි එයාගේ තාත්තගේ කටේ බලෙන් රස්සාවක් හොයාගෙන යන්න වෙනවා. රූපලාවණ්‍ය නිශ්පාදන සමාගමක පුරප්පාඩු සදහා ඉල්ලුම් කරන බාලුව, ඒ සමාගමේ විධායක නිලධාරිනි [CEO] චිත්‍රාගේ හිත පළවෙනි දවසෙම දිනාගන්නවා වගේම බාලුට චිත්‍රා ගැන ආදර සිතකුත් පහල වෙනවා.. කාලය ගතවී යත්ම චිත්‍රාගේ උපන්දින සාදයකට ගිහින් සිටින බාලු ප්‍රශ්නයකට මැදි වෙලා ඉන්න වෙලාවේ රායලසීමා වල ඉදන් ශෝකී පුවතක් අරගෙන බාලුව එක්කගෙන යන්න කෙනෙක් ඇවිල්ලා ඉන්නවා වගේම එහිදී දැනගන්නවා එයා මෙච්චර කල් හදාවඩා ගෙන තියෙන්නේ එයාගේ ඇත්ත මව්පියන් නොවන වග..


ඉතින් ඉස්සරහට මොකද වෙන්නේ.. ඔයාලම කතාව බලලම ඉන්නකෝ..


උපසිරැසි කාලරාමු සින්ක් කිරීම වෙනුවෙන් ශාන් සසංග සහෝදරයට ස්තූති වෙනවා වගේම තිරය පිටුපස ඉදන් හයියක් උනු හැමෝටම මගේ ස්තුතිය පුද කරනවා


එහෙනම් ගිහින් එන්නම් ,


තවත් අළුත් උපසිරැසියකින් ඉක්මණින් හමුවෙමු.


ඔබට ජය !


                  


Post a Comment

0Comments

Post a Comment (0)