Buddy (2024) Sinhala Subtitles | “බඩී” | සිංහල උපසිරැසි සමඟ

Shadow Movies
0

  


ආදිත්‍යා කියන්නෙ ගුවන් නියමුවෙක්.. පල්ලවී කියන්නෙ ගුවන්තොටුපලේ ගුවන් ගමන් පාලනය කරන තැන (ATC) වැඩ කරන තරුණියක්.. ගුවන් ගමන් අතරතුර වෙන කතාබහ වලින් දෙන්නට දෙන්න හිතින් ආදරේ කරන්න පටන් ගන්නවා.. ආදිත්‍යා පල්ලවීට ටෙඩි බෙයාර් කෙනෙක් පවා තෑගී කරනවා.. හැබැයි පල්ලවී කවදාවත් එයාගේ ඇත්ත නම ආදිත්‍යාට කියන්නෙවත් එයාගේ මුණ පෙන්නන්න යන්නේවත් නෑ.. ඔහොම ඉන්නකොට ගුවන් ගමනකදී හදිස්සි ප්‍රශ්නයක් නිසා ආදිත්‍යාට එයාගේ රස්සාව නැති වෙනවා.. පල්ලවී හිතාගෙන ඉන්නේ මේක සිද්ද උනේ එයාගේ වැරද්දකින් කියලා.. ඒ නිසා එයා ආදිත්‍යාගෙන් මගහරිනවා.. ඔහොම ඉදල අන්තිම වතාවට ආදිත්‍යාට මුණ පෙන්නලා ඇත්ත කියලා එනවා කියලා යන පල්ලවී මුහුණ දෙන්නෙ නොහිතපු ප්‍රශ්නෙකට.. මෙයා ඒ ගමන යන්නෙත් අර ටෙඩි බෙයාර්වත් අරගෙන.. ප්‍රශ්නය තමයි පල්ලවී පිටරට ඉදන් අවයව ජාවාරම් කරන දොස්තර කෙනෙක්ට හසුවෙන එක.. ඔහුගේ පිරිසක් ඇවිත් පල්ලවී ව පැහැර ගන්නවා.. ඒ පැහැර ගැනීමෙන් පස්සේ එයාල පල්ලවීට කරන දෙයක් නිසා එයා කෝමා තත්වයට පත් වෙනවා.. ඒ මොහොතේම එයාගේ ආත්මය අර ටෙඩි බෙයාර්ගේ ඇගට ඇතුල් වෙනවා.. ඊටපස්සේ මේ ටෙඩි බෙයාර්ව නොහිතපු විදියට ආදිත්‍යාට හම්බෙනවා..

මෙතනින් එහාට තමයි මේ සුපිරි කතාව පටන් ගන්නේ..

මේ අවයව ජාවාරම් කාරයාට එරෙහිව ආදිත්‍යා එක්ක එයාගේ බඩී කරන සටන බලන්නකෝ එහෙනම්..


                   

                  

                







Post a Comment

0Comments

Post a Comment (0)