Raayan (2024) Sinhala Subtitles | “ලේ කැක්කුම” | සිංහල උපසිරැසි සමඟ

Shadow Movies
0

 


කතාවරායන් නොහොත් රායන් කියන්නෙ ෆාස්ට් ෆුඩ් කෑම කඩයක් කරගෙන තමන්ගේ නංගිවයි මල්ලිලා දෙන්නවයි බලාගෙන බොහොම පාඩුවේ ඉන්න කොල්ලෙක්.. මෙයාගේ අම්මා තාත්තා පොඩි කාලෙදිම අතුරුදහන් වීමත් එක්ක රායන් තමන්ගේ පවුලෙ බර කරට අරගන්නවා.. තමන්ගේ සහෝදරයන්ව එයා බලාගන්නේ හරියට තාත්තා කෙනෙක් වගේ.. මෙයාගේ සහයට මෙයා පොඩි කාලේ ඉදන්ම ලගින් ඉන්නෙ සේකර් අයියා.. මෙයාගේ එක මල්ලි කෙනෙක් තමයි මුත්තුවේල් කියන්නෙ, කිසිම වැඩක් පලක් නොකර ගෙදරින් කකා අනවශ්‍ය ප්‍රශ්න ගැටුම් දාගන පොලිසි ගානේ යන පොරක්.. ඔහොම අනවශ්‍ය ප්‍රශ්න දාගන්නේ නැතුව පාඩුවේ පවුල ඒවගෙන් ඈත් කරනගෙන ඉන්න රායන්ට, මුත්තුවේල් අරගෙන එනවා ලොකු ප්‍රශ්නයක්.. ඒ බාර් එකක සිද්ද වෙන සිද්දියක් අතරේ ඒ පළාතේ ලොකු මැරයෙක් වෙච්ච දොරෙයි කියන පුද්ගලයගේ පුතාගේ මරණය.. මේ මරණය වෙන්නේ මුත්තුවේල් අතින් නොවුනත් එයාව ඒකට පැටලෙනවා.. මේ සිද්දිය නිසා කිසිම ප්‍රශ්නයක් දාගන්නේ නැතුව ඉන්න රායන්ට දොරෙයිව මරන්න සිද්ද වෙනවා.. හොදට තිබුන පවුලට එකපාරටම හෙනයක් ගැහුවා වගේ වෙන්නේ ඔන්න ඔතන ඉදන්..

මෙතනින් එහාට මොකද වෙන්නේ කියලා දැනගන්න මේ සුපිරිය බලන්න කියලා ඔයාලට ආදරෙන් ආරාධනා කරනවා ❤️

අදට ගිහින් එන්නම් ❤️ බුදු සරණයි ❤️ ජයවේවා ❤️



                                        

                                         

Post a Comment

0Comments

Post a Comment (0)