King Of Kotha (2023) Sinhala Subtitles | “රාජු භායි” | සිංහල උපසිරැසි සමඟ

Shadow Movies
0

  

හැමෝටම සුබ දවසක් වේවා…

අද අරගෙන එන්නෙ අලුතෙන්ම නිකුත් උන මලයාලම් චිත්‍රපටියක් , ඒ තමයි මං ඊයේ අරන් ආව RDX ෆිලුමත් එක්ක කරට කර තිරගත වෙච්ච KING OF KOTHA (2023) වැඩේ බාරදුන්නේ අපේ අංජුල අයියා.. කොහොම හරි Half Day මැච් එකක් ගහලා ඉක්මනට අරන් ආව ඔන්න..

නවක අධ්‍යක්ශක අභිලාශ් ජෝශී විසින් අධ්‍යක්ශනය කරනු ලැබු , මලයාලම් සුපිරි තරුව දුල්කර් සල්මාන් රංගනයෙන් දායක වු කිංග් ඔෆ් කෝතා චිත්‍රපටය ආදායම් අතින්නම් ලොකුම පසුබෑමක් ලබාගනිපු ෆිල්ම් එකක් , නමුත් ෆිල්ම් එක බලන් ඉන්න ලොකු අපහසුතාවයක් නෑ , ඇත්තටම හොඳ ෆයිට් ටිකක් තියෙනවා.. දුල්කර්ගෙ ඇක්ටින් උනත් හොද මට්ටමක තිබුනා.. ලස්සන ස්ටෝරියක් තියෙනවා.. ආදායම් පැත්තෙන් පසු බෑමට ලක්වුණා මිසක්‌ ෆිලුමේ නම් ඒ හැටි අවුලක් නෑ.

පැය 3 කට ආසන්න කාලයක් පුරා දිවෙන IMDb 6.6/10 ක් ලබාගත් Mass Entertainer ශානරයේ King Of Kotha චිත්‍රපටය මලයාලම් , දෙමළ , තෙලිඟු , හින්දි ඇතුළු භාශා 5කින් තිරගත කිරීම සිදුවුණා…

දුල්කර්ට අමතරව අයිශ්වර්‍යා ලෙක්ශ්මි , අනිකා සුරේන්ද්‍ර්න් , ජෙම්බන් විනෝද් ඇතුලු නලු නිළියන් පිරිස්ක් රංගනයෙන් දායක වෙනවා , මීට අමතරව මෝහන්ලාල් ද එක්තරා විදිහකට සම්බන්ධ වෙනවා..

කතාව ගැන කියනවා නම්,

> මත්ද්‍රව්‍ය හා අපරාධ වැඩි “කොතා” නමින් හැදින්වෙන පළාතක්…

>  කොතා වලට අලුතෙන් පැමිණෙන පොලිස් නිලධාරියෙක්…

> ඒ පළාතේ ඉන්න ලොකුම මැරයා “කන්නන්” සමග පැටලෙන පොලිස් නිලධාරීයා…

> කන්නන් පවා බිය “කොතා වල රජා” නමින් හදුන්වන වීරයෙක්ගෙ අතීතාවර්ජනයක්‌…

> පවුල වෙනුවෙන් වීරයාගේ පසුබෑම…

>  කොතා වෙනුවෙන් ඒ වීරයාගේ නැගීසිටීම…

ඔන්න ඔය ටික තමයි මේ කතාවෙන් බලාගන්න ලැබෙන්නේ ඔයාලට..

එහෙනම් මේ වගේම උපසිරැසියකින් ආයෙත් හමුවෙන බලාපොරොත්තුවෙන් අදට සමුගන්නවා.. හැමෝටම බුදුසරණයි!  ජේසු පිහිටයි!

Shadow Movie එක්කම ඉන්න.. අලුත්ම ෆිල්ම්ස් බලන්න..


                  



Post a Comment

0Comments

Post a Comment (0)