Darling (2024) Sinhala Subtitles | “කලබලේට බැන්ද කසාදෙ” | සිංහල උපසිරැසි සමඟ

Shadow Movies
0

  


රාගව් කියන්නෙ හොදට ඉගෙනගෙන හොද රස්සාවක් කරගෙන පාඩුවේ ඉන්න කොල්ලෙක්.. රාගව්ගේ අම්මා මෙයාට පොඩි කාලේ හැමතිස්සෙම කිව්වේ “ඔයා හොදට ඉගෙනගන්න හොද රස්සාවක් කරන්න ඊටපස්සේ ඔයාට හොද ලස්සන කෙල්ලෙක් කසාද බදින්න පුළුවන් කියලා” දවසක් රාගව්ලගේ ගෙවල් ළග ඉගෙනගත්තු කොල්ලෙක් ලස්සන කෙල්ලෙක්ව කසාද බදිනවා.. පොඩි එකා ඉතින් මේකත් හොදට බලාගෙන ඉන්නේ.. ඉතින් ඒ බැදපු කපල් එක දවසක් හනිමූන් එකට පැරිස් යනව කියලා අපේ පොඩි රාගව්ට කියනවා.. එතන ඉදන් රාගව්ගේ හීනේ වෙන්නේ හොදට ඉගෙනගන, හොද රස්සාවක් කරල, කසාදේකුත් බැදලා හනිමූන් එකට පැරිස් යන එක.. රාගව් ඉගෙනගනත් ගන්නවා, හොද රස්සාවකුත් හොයාගන්නවා.. හැබැයි මේ කසාද වැඩේ නම් හරියට වෙන්නෑ.. දවසක් ගෙදරින් හොයපු කෙල්ලෙක් කසාද බදින්න ගිහින් රාගව් හොද ලනුවක් කනවා.. ඒ තමයි මනමාලි වෙන කොල්ලෙක් එක්ක පැනල යන එක 😂 රාගව් මේ සේරටම පට්ට අවුල් අරගෙන ෂොට් එකක් දාල ඉන්න වෙලාවක අහම්බෙන් හම්බෙන ත්‍රිවිල් රියදුරෙක්ගේ කීමකට මෙයා ජීවිතේ නැති කරගන්න යනව.. ඔන්න එතකොට තමයි ආනන්දී කියන ලස්සන ගෑනු ළමයා අපේ රාගව් කොල්ලව බේරගන්නනේ.. රාගව් ආනන්දිව හම්බෙලා හරියටම පැය පහකින් එයාව කසාද බදිනව.. ඔන්න ඔතන ඉදන් තමයි පොරගේ ජිවිතේ කණපිට ගහන්නේ 😂❤️


                                            

                                         


Post a Comment

0Comments

Post a Comment (0)