Pathaan (2023) Sinhala Subtitles

Shadow Movies
0

 

🛑ඔබ වෙනත් පිටුවකට Popup වෙනවනම් නැවත බැක් වෙන්න.🛑




සොල්දාදුවෙක් අහන්නෙ නෑ….
මාතෘභූමිය එයා වෙනුවෙන් මොනවද කරේ කියලා..
අහන්නෙ…
එයාට මාතෘභූමිය වෙනුවෙන් මොනවද කරන්න පුලුවන් කියලා….

ඉතින් ඔයාලා හැමෝටම සුබ දවසක් වේවා කියලා ප්‍රාර්තනා කරනවා.. අද අපි එකතුවෙලා උපසිරැසි අරගෙන ඇවිල්ලා තියෙන්නෙ 2023 අවුරුද්දෙ රිලිස් වෙනකන් ගොඩක් අය නොයිවසිල්ලෙන් ඉදපු ෆිල්ම් එකක්.. ඉතින් මේක තමයි අපි හැමෝම දන්න බොලිවුඩයේ රජු කිග්න් ඛාන් රංගනයෙන් දායක උන Pathaan  (පඨාන්) ෆිල්ම් එක.මේක YASH RAJ FILMS ලගෙ SPY UNIVERSE එකට අයිති ෆිල්ම් වලින් එකක්..ඉතින් මේ SPY UNIVERSE එකට අයිති අනිත් ෆිල්ම් ගැන කියනවනම්.


මේ ටික තමයි මේ SPY UNIVERSE එකට අයිති ෆිල්ම් තියෙන්නෙ දැනට..ඉස්සරහට තව රිලිස් වෙයි කියලා බලාපොරොත්තුවක් තියාගන්න පුලුවන්.එතකොට අපිට මේ SPY UNIVERSE එකේ ෆිල්ම් හරහා ඉන්දියාවේ RAW ඒජන්ට්ලා තුන් දෙනෙක්ව හඳුන්වා දීලා තියෙනවා.ඒ TIGER , KABIR සහ PATHAAN කියන තුන් දෙනා.ඉතින් මේ තුන් දෙනාම ඉදිරි ෆිල්ම් එකකදි එකම තිරයකට ගේන්න හැකියාව ලැබුනොත් එදාට බොලිවුඩයේ පෙරලිකාර වෙනසක් සිදුවේවි.දැනට පවතින ආරංචි අනුවනම් එය එසේම සිදුවේවි කියල තමා කියන්නෙ..ඉතින් මේ ෆිල්ම් එකක්  හරි බලලා නැත්නම් Pathaan  බලන්න කලින් අනිවාරෙන් බලලා ඉන්න කියලා ආරාධනා කරනවා.

ෆිල්ම් එක ගැන තවදුරටත් කතා කරනවනම් මේක පහුගිය ජනවාරි 25 හින්දි භාෂාව ප්‍රමුඛව දමිල සහ තෙලිගු භාෂාවලින්ද ලොවපුරා තිරගත කිරීම ආරම්භ කලා. ඉන්දියානු රුපියල් කෝටි 240 ක ලොකු වියදමක් දරලා තමයි නිෂ්පාදනය කරලා තියෙන්නෙ.නමුත් ගාන ප්‍රශ්නයක් නෙමෙයි ෆිල්ම් එක ඊටා වඩා වැඩ පෙන්නලා තියෙන්නෙ..ඒ ගැනත් කතා කරමු පහලින්.ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරන්නෙ ඔයාලා හැමෝම වගෙ දන්න BANG BANG , WAR වගෙ සුපිරිම Action | Thriller ෆිල්ම් අධ්‍යක්ෂණය කරපු Siddharth Anand විසින්.ඒ වගේම Shah Rukh Khan ප්‍රධානව Deepika Padukone , John Abraham , Dimple Kapadia , Ashutosh Rana යන ජේෂ්ඨ නලු නිලියන් රැසක්ම මෙහි රංගන දායකත්වය ලබා දෙනවා.

🔽ඔන්ලයින් බලන්න🔽



 

       

        





Post a Comment

0Comments

Post a Comment (0)